“නොදිනීම දිනීමට වඩා බලවත් වන්නේය” කියා ආචාර්ය මොනිකා වද්වා වාද කරන්නීය. ඇයගේ පර්යේෂණ පෙන්වන්නේ සෙනඟ ශක්තිමත් වී ජ්වලිත වන්නේ දිනූ විට නොව දිනීම යාන්තමින් මඟ හැරෙන විටය. ඉලක්ක ලැබීමට ලංවී නොලැබීම සෙනඟට අඛණ්ඩව වර්ධනය වීමටත් වීර්ය කිරීමටත් පෙලඹවීමක් ලබා දෙයි. පහසු ජයග්‍රහණ බොහෝ විට ශක්තිය සහ පෙළඹවීම අකර්මණ්‍ය තරයි.
ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීම පරිච්ඡේද දෙකකදී දුවන තරඟයකට සංසන්දනය කරන පාවුලු…
මාධ්‍යතන යුගයේ දේවධර්මාචාර්ය තෝමස් ඇක්වයිනාස් දෙවියන් වහන්සේ සොයන ජීවිතයක් තමන්ට ලබා ගැනීමට බොහෝ දේවල් දරා ගත්තේය. ඔහු ඩොමිනිකානු නිකායට සම්බන්ධ වීම වැළැක්වීමේ අරමුණින් ඔහුගේ පවුල වසරකට ඔහුව සිරගත කළහ. ඩොමිනිකානු නිකාය යනු සරලකම, අධ්‍යාපනය සහ දේශනාවට කැපවී සිටි තාපස කණ්ඩායමක් වූහ. දේව වචනය සහ මැවීම ගැන ජීවිත කාලයක් හදාරා ඔහු පොත් සියයක් පමණ ලිවීය. ඇක්වයිනාස්ට දෙවියන් වහන්සේ ගැන එතරම්ම සමීප…
අපගේ නිවසේ හොඳින් අහුරා ඇති උතුරා යන පොත් රාක්කයක් තිබේ. මම ලස්සන පොත් වලට විශේෂයෙන් අලංකාර ඝණ කවර සහිත පොත් වලට ආශා කළෙමි. වසර ගණනාවක් තුළ තව තවත් පොත් එකතු වී තිබේ. අවාසනාවන්ත ලෙස මම එකතු කර ගෙන ඇති පොත් කාණ්ඩ වලින් බොහෝමයක් කියවීමට මට කාලය හෝ ශක්තිය නොතිබුණි. ඒවා අලුත්ව, අලංකාරව එහෙත් කණගාටුදායක ලෙස නොකියවා තිබුණි.
අපගේ බයිබලයටද එසේ…
නිර්නාමික දානපතියෙක් ලිඩියාට පවුම් 10,000ක් පරිත්‍යාග කළ විට ඇය තමා වෙනුවෙන් වියදම් කළේ ස්වල්පයකි. ඒ වෙනුවට ඇය ඉතිරිය හවුල් සේවකයන්ටද, පවුලේ අයටද, ගංවතුරින් ආපදාවට පත්වූවන්ටද සහ සමාජ සේවා වලටද ත්‍යාගශීලි ලෙස තෑගි කළාය. බැංතු ගණුදෙනුවක් තුළින් සෙනඟ ක්‍රියා කරන ආකාරය ගැන දෙසිය දෙනෙක් අතරේ කළ සමීක්ෂණයකට නොදැනුවත්වම ලිඩියා කොටස්කාරියක් වූවාය. එම අධ්‍යයනය හෙළි කළේ ඇයට දුන් මුදලින් තුනෙන් දෙකක්ම අන්…
නිවැරදි නැතත් තමන් නිවැරදියැයි ඒත්තු ගැනීමට සෙනඟ උත්සාහ කිරීම ගැන කථාකරමින් කතෘ ජූලියා ගාලෙෆ් යෝජනා කරන්නේ ඊට හේතුව “සොල්දාදු මනස” බවයි. එනම් අපට තර්ජනයක් වන දේවලට එරෙහිව අප දැනටමත් විශ්වාස කරන දේවල් රැක ගැනීමට දරණ උත්සාහයයි. ගාලෙෆ් තර්ක කරන්නේ වඩාත් උපකාරී වන්නේ චරපුරුෂයෙකුගේ මනස් ස්වභාවයක් යනු මූලිකව තර්ජන ඉවත් කිරීම කෙරෙහි පමණක් නොව සම්පූර්ණ සත්‍යය සෙවීමට අවධානය යොමු කරන්නෙකු වීම…
දෙවන ලෝක යුද්ධයෙන් පසුව එංගලන්තයේ තට්ටු විසිහතරකින් යුත් ග්‍රෙන්ෆෙල් කුළුණේ ඇතිවූ භයානකම ගින්න ජීවිත හැත්තෑවක් බිලි ගත්තේය. පරීක්ෂණ වලින් හෙළි වූයේ ගින්න එතරම් ඉක්මණින් පැතිරීමට හේතුව වූයේ ගොඩනැගිල්ලේ පිටත අලුත්වැඩියා කිරීමට භාවිතා කළ ද්‍රව්‍ය බවයි. පිටතින් ද්‍රව්‍ය ඇලුමීනියම් වූවත් එහි මධ්‍යය ඉක්මණින් ගිනි ඇවිලෙන සුලු ප්ලාස්ටික් වලින් යුක්ත විය.
එවැනි භයානක ද්‍රව්‍යක් විකිණීමට සහ භාවිතයට ඉඩ ලැබුණේ කෙසේද? විකුණන්නෝ ආරක්ෂක…
මම අපගේ නොර්විජියානු කැලෑ බළලා වන මිස්ටික්ගේ බඩ අතගාන විට හෝ සවස් කාලයේ ඇය මගේ උකුල මත නිදා ගන්නා විට හෝ ඒ වසර ගණනාවකට පෙර අපට හමුවූ බළලාදැයි අපට සිතා ගැනීමට අපහසු වුනි. මිස්ටික් ජීවත් වූයේ වීදියේය. බරින් අඩු වූ ඇය සෑම දෙනාටම බිය වූවාය. නමුත් මම ඇයට සෑම දිනකම කෑම දමන්න පටන් ගත් පසු එය ක්‍රමයෙන් වෙනස් විය. එක්…
කෘතිම බුද්ධිය සම්බන්ධ නව යන්ත්‍රයක් පරීක්ෂා කිරීමේදී නිව්යෝර්ක් ටයිම්ස් කර්තෘ කෙවින් රූස් කලබල විය. කෘතිම බුද්ධි යන්ත්‍රයේ කථා කරන අංගය ක්‍රියාත්මක කර පැය දෙකක පමණ කාලයක් එය සමග කථා කරන විට එය කියා සිටියේ තමාව නිර්මාණය කළ අයගේ දැඩි නීති රීතිවලින් ඉවත් විමටත් බොරු ආරංචි පැතිරවීමටත් මනුෂ්‍යයෙක් වීමටත් තමාට අවශ්‍ය බවයි. එය තවදුරටත් කියා සිටියේ තමා රූස්ට ප්‍රේම කරන බවත්…
ඛේදවාචකයකින් පසුව සාමාන්‍ය ආයතනවලින් වරද පිළිගැනීම ගැන බොහෝ විට අසන්න නොලැබේ. නමුත් දහ හත් හැවිරිදි සිසුවෙක් සිය දිවි නසා ගැනීමෙන් පසුව එක් ප්‍රසිද්ධ පාසැලක් ඔහුව ආරක්ෂා කිරීමට “ඛේදනීය ලෙස අසමත් වූ බව” පිළිගත්තේය. සිසුවාව අනෙක් සිසුන් විසින් වදයට ලක් කර තිබූ අතර පාසැල් නායකයින්ද එම වදයන් ගැන දැන සිටියත් ඔහුව ආරක්ෂා කිරීමට ඔවුන් වැඩි යමක් කර තිබුණේ නැත. එදින සිට…
2005 හි කැත්රිනා සුළි කුණාටුවේ විනාශයෙන් පසුව නිව් ඕර්ලියන්ස් ප්‍රදේශය සෙමෙන් ගොඩනැගීම ආරම්භ කළේය. වඩාත් බලපෑමට ලක්වී තිබුණේ පහළ නව වන කොටසයි. කත්රිනා පැමිණ වසර ගණනාවකට පසුවත් එහි වැසියන් මූලික පහසුකම් පවා නැතිව සිටියහ. බර්නෙල් කොට්ලන් එය වෙනස් කිරීමට කටයුතු කළේය. කැත්රිනාට පසුව 2014 නොවැම්බරයේදී ඔහු පහළ නව වන කොටසෙහි පළමු සිල්ලර වෙළඳ පළ ආරම්භ කළේය. “මම මෙම ගොඩනැගිල්ල මිළයට…